පස්සර,ලුණුගල,මොරහෙල ,කහටරුප්ප වැනි පාසල් හරුණූ විට අවට පිහිටියා වූ මෙම පාසල්වලින් වට වූ විශාල පෙදෙසකට පාසලක් තිබී නැත. එබැවින් මේ සා විශාල පෙදෙසක ජනයාගේ සාක්ෂරතාවය වර්ධනයෙහි ලා ඇප කැප වී කටයුතු කර ඇත්තේ 1920 ගණන්වල මැටිගහතැන්න මනපදසන ශෛලභ්‍යන්තරාරාමාධිපති , මැටිගහතැන්නේ ශ්‍රී සුමනතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේයි. උන්වහන්සේ දැනට අවුරුදු 2100කට වඩා පැරණී ඉහත කී විහාරස්ථානයේ දී පන්සල් අධ්‍යාපනය ගම්වාසීන්ට ලබා දී ඇත. විශාල පිරිසකට කුඩා මඩුවක අධ්‍යාපනය ලබා දීම ගැටලුවක් වූයෙන් 1925 දී පමණ එවකට මෙම ප්‍රදේශයේ පාලනය භාරව සිටියා වූ කුඹල්වෙල දිසා මහතා පාසකලක් ඉදි කිරීමට ඉඩමක් නොමැති වූයෙන් මැටිගහතැන්න විහාරස්ථානය සතුව තිබූ දෙහි මණ්ඩිය නමැති ඉඩම ශ්‍රී සුමනතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් රජයට පවරා දී ඇත.
පාසල වෙනත් තැනකට ගෙන යන්නේ නම් ගොඩනගිලි සමග නැවත් ශෛලභ්‍යන්තරාරාමයට භාර දීමේ පදනම යටතේ තෑගි ඔප්පුවක් මත ඉහත කී ඉඩම පවරා ඇත. එවකට බදුලු දිසාවේ මහ ඒජන්ත වූ වෝටර් මහතා රජයේ හා ග්‍රාම වාසීන්ගේ ආධාර උපකාර ලබා ගෙන පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර 1927 ඔක්තෝම්බර් මස 31 වැනි දින මෙම පාසල උත්සවශ්‍රීයෙන් විවෘත කර ඇත.
මෙම විදුහලේ පළමුවන විදුහල්පති වීමේ භාග්‍ය ලත් තිලකරත්න මහතාගේ උපන් ගම තෙල්දෙනිය විය. 1927-1928 දක්වා ඒ මහතා සේවය කර දඹුල්ල ප්‍රදේශයේ පාසලකට මාරු වී ඇත. ඉන් පසු නාරම්පනාවේ නමැති විදුහල්පතිතුමන් සමග අත්තනායක නමැති නියෝජ්‍ය විදුහල්පතිතුමා ද මේ පාසලේ සේවය කර ඇත.
මැටිගහතැන්න ශ්‍රී ශෛලභ්‍යන්තරාරාමයේ මැටිගහතැන්නේ පූජ්‍ය දේවානන්ද හිමිපාණන් , ආදිශිෂය්‍ය "චන්ද්‍රාවාස" හි හිටපු වැව් ලේකම් , ආර්. එම්. පුංචිබණ්ඩා මහතා, අස්වැද්දුමේ ගෙදර කළුබණ්ඩා, දුංවත්තේ ගෙදර බණ්ඩා, ලිදගාවත්තේ ගෙදර ආර්. එම්. කිරිබණ්ඩා, බෝගස්පිටියේ ගෙදර සුදුබණ්ඩා සහ දැනට ජීවතුන් අතර සිටින ආරම්භක ආදිශිෂ්‍යයාවක වූ වත්තේගෙදර පදිංචි පොඩිහාමිනේ යන මහත්ම මහත්මීන්ගෙන් තොරතුරු ලබා ගෙන ඇත.
ස්ථිර ගොඩනැගිල්ලක් වූ ප්‍රධාන ශාලාව 1954 දී ඉදි කර ඇත. මෙම විදුහලට ඇතුළත් වූ පළමු ශිෂ්‍යයා වූයේ ජේ. තිලකරත්න ය. විදුහලේ මුලින්ම උත්සවයක් පවත්වන ලද්දේ 1929 ජූලි 03 වන දින බ්‍රිතාන්‍ය මහ රැජිනගේ 68 වන ජන්ම දිනය සිහි කිරීමට ය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පූජ්‍ය මැටිගහතැන්නේ සුමනතිස්ස හිමිපාණන් වැදගත් තැනක් ගත්හ. එම උත්සවයට සහභාගි වූ පිරිස 300ක් පමණ ද , එම උත්සවය සදහා ක්‍රීඩා තරග සදහා දිවීම , බනිස් කෑම, ගෝනි පැනීම , දිනපතා පාසලට පැමිණීම වැනි කරුණු වැදගත් ස්ථානයක් ගන්නා ලදී. එය එවකට සිටි කේ. ඩබ්ලිව්. මාටින් විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.
1960 වර්ෂයේ දී අ.පො.ස. (සා.පෙළ) පන්ති ආරම්භ කර ඇත. එම වර්ෂයේ දී අ.පො.ස ( සා. පෙළ) විභාගයේ හොදම ප්‍රතිපල ලබාගත් ආර්. එම්. මුතුමැණිකා ශිෂ්‍යයාව විෂයන් හතකින් සමත් වීම , එස්. එම්. පුංචිරාළ ශිෂ්‍යයා විෂයන් හයකින් සමත් වීම පාසලට කීර්ති නාමයක් ලැබීමකි. මෙම කාලය තුළ විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත්තේ ආර්. අල්විස් මහතා ය. මෙම වර්ෂයේ ම පාසලට ජලය සපයා ගැනීමට ළිදක් තැනීම සිදු විය.
1962. 07. 19 වැනි දින මෙම විදුහලට අවශ්‍ය කරන බුදු මැදුරක් සදහා මුල් ගල තැබීම සිදු වුනි. 1964 වර්ෂයේ දී දින පහක අධ්‍යාපන චාරිකාවක් ද 1972 වර්ෂයේ ළමුන් 39ක් හා ගුරුවරු 9ක් සහ දෙමවුපියන් නම දෙනෙක් සමග අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කර දින හතක් ගිය බව සදහන් වේ. එවකට සිටි විදුහල්පතිවරුන්ගේ ඇප කැප වීම මත කටයුතු කෙරිණි.
1972 වර්ෂයේ දී අ.පො.ස.(උසස් පෙළ) පන්ති ආරම්භ කර ඇත. මෙම විදුහලෙන් සමස්ත ලංකා ක්‍රීඩා සදහා ගිය පළමුවන ශිෂ්‍යයා වූයේ ආර්. එම්. මද්දුම බණ්ඩාර ය. එය 1973 දී ය. එම වර්ෂයේ දී පාඨශාලීය සහ සංගීත හා නාට්‍ය උළලේ අන්තර් ප්‍රාදේශීය හින්දි ගීත ගායන තරගයට ඉදිරිපත් වූ එස්.එච්.එල්. නන්දාවතී ශිෂ්‍යයාව දැනට සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරන බව සතුටින් සදහන් කළ හැකි වේ. මෙම විදුහල මුල් කාලයේ සිටම ප්‍රගතියක් ඇති බව කිව හැකි ය.
ඉන් පසුව මෙම විදුහලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිපල සහ 5 වසර ශිෂ්‍යයත්ව ප්‍රතිපල විටින් විට සාර්ථක වූ බව කිව හැකිය. මෙම විදුහලේ සේවය කළ විදුහල්පතිවරයෙකු වන ආර්.එම්. සමරකෝන් බණ්ඩාර මහතා මෙම විදුහලෙන් සරසවි වරම් ලැබූ පළමු ශිෂ්‍යයා වන අතර හිටපු විදුහල්පති ඩී.එම්. ප්‍රේමරත්න මහතා 5 වසර ශිෂ්‍යයත්වයෙන් සමත් වූ පළමු ශිෂ්‍යයා වන බව ද සතුටින් සදහන් කළ හැකි ය.
පාසලකට අවශ්‍ය කරන භෞතික සම්පත් , ක්‍රීඩා පිටිය , ගොඩනැගිලි හා විද්‍යාගාර, ක්‍රියාකාරකම් කාමර පරිගණක පුහුණු මධ්‍යස්ථාන, ජල පහසුකම් හා විදුලි පහසුකම් ආදිය අද සපයා ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1927 ඔක්තෝම්බර් 31 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
|
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
|
|
මුල් ගුරුතුමාගේ නම |
තිලකරත්න |
|
පාසලේ ආදි කතෘගේ නම |
ශ්‍රී සුමනතිස්ස ස්වාමීන් වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බ/මැටිගහතැන්න ද්විතියික පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
R.H.M.සුමිත් ශාන්ත රාජපක්ෂ |
|
පාසල රජයට පවරාගත් දිනය |
1925 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දෙහිමණ්ඩිය නමැති ඉඩම |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ජේ. තිලකරත්න |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|