විදුහල් මෑණි දිනේ - අපගේ නිති විදුහල් මෑණී දිනේ //
ජය හඬ කිතු ගොස පතුරමිනේ
සතුට දියුණ නිති වඩවමිනේ
විදුහල් මෑණි දිනේ............//
නොලසව සිප් සත දෙන මෑණි අපේ
උතුම් රකිමු පුදමු බැති ප්‍රේමයනි
අප ලද සිප් සත මිණිකැට ලෙස ඔබ
නංවා රැකගමු ඔබෙ නාමෙන්
විදුහල් මෑණි දිනේ............//
සිසු දරු අප වෙමු ඔබේ කුඩා
නොබියව පෙරමුණ දරණ සදා
විදුහල් මෑණි දිනේ............//
එඩි බව පාමින් සාමය පතුරා අප මෑණී
සදා ඔබ සිහි කරමු
කඳුකර ඌවේ මැටිගහතැන්නේ
විදුහල් මෑණිය වැජඹේ
සුදිලේවා නිති සුදිලේවා.......//
මෑණි සදාකල් වැජඹේවා......