විදුහල්පති පණිවිඩය
බ/මැටිගහතැන්න ද්විතියික පාසල

1927.10.31 වන දින බ/මැටිගහතැන්න මහ විදුහල ආරම්භ කර ඇති අතර අද වන විට වසර 95ක් සම්පූර්ණ කරන අවස්ථාවේ පාසල් වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත් කිරීමට අවකාශය ලැබීම මා ලද භාග්‍යක් සේ සලකමි.
නිපුනයන් ලෙස පාසලෙන් සමාජයට තිලිණ කරන සිසු දරුවන් සමාජයේ වැඩදායී පුරවැසියන් කිරීම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වේ. ගෙවී ගිය වසර 95ක් මුලුල්ලේ අප විදුහල ලගා කර ගත් ජයග්‍රහණ අති විශාල ය. ඒ සදහා පාසල් ප්‍රජාවගේ නොමද දායකත්වය ලැබී ඇත. වර්තමානය වන විට අප පාසල ප්‍රමාණාත්මක හා ගුණාත්මක අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට අවධානය යොමු කර ඇත. ඒ සදහා ගුරු මණ්ඩලයේ කැප වීම ප්‍රසංශනීය වේ. ඒ සදහා සිසු දරුවන්ගේ හා දෙමවුපියන්ගේ නොමද සහයෝගය පාසල වෙත ලබෙමින් පවතී.
අන්තර්ජාල පහසුකම් අතින් ලෝකයේ ඉදිරියට ගිය ද අප ප්‍රදේශයේ දුෂ්කරතාවය නිසා ාපට බලාපොරොත්තු වන ඉලක්ක කරා ළගා වීමට නොහැකි වී ඇත. මෙවන් පසුබිමක පාසලේ පරිගණක ඒකකය බාරව කටයුතු කරන ගුරු මෑණියන් හා සිසු දරුවන් එක්ව මනා කැපවීමෙන් හා උනන්දුවෙන් නිර්මාණය කරන වෙබ් අඩවිය පාසලේ ඉදිරි අධ්‍යන කටයුතු ප්‍රශස්ත මට්ටමින් ළගා කර ගැනීමටත් පාසලේ අරමුණිටු කර ගැනීමටත් හැකියාව ලැබේ. මේ තුළින් දීප්තිමත් සිසු පරපුරක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.