නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මැටිගහතැන්න ද්විතියික පාසල

නියෝජ්‍ය විදුහල්පති,
මැටිගහතැන්න ද්විතියික පාසල.
වර්ණවාදයට එරෙහිව නැගී සිටි අප්‍රිකාවෙ පළමු කලු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා අධ්‍යාපනය නිර්වචනය කරන ලද්දේ ,
“ලෝකය වෙනස් කළ හැකි ප්‍රබලතම අවිය අධ්‍යාපනයයි.’’
සම්ප්‍රදායික ඥානය හර පද්ධතිවල පදනම මත පිරිපුන් සමබර පෞර්ෂයකින් යුතු අනාගත පරපුරක් ගොඩනැගිම යුගයෙ අවශ්‍යතාවය බවට පත් වි තිබේ.
ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රියාවලිය තුලින් ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගන්නා අතරම අධ්‍යාපනයේ පොදු නිපුණතා සංවර්ධනය ලාංකීය ශිෂ්‍ය පරපුරට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට ඉවහල් වේ.
මෙකී පසුබිම තුළ තාක්ෂණික යුගයට පිවිසී සිටින නූතන ශිෂ්‍ය පරම්පරාව දැනුම ගවේෂණය කරමින් ඒ මාවත ඔස්සේ නවෝත්පාදන බිහිකරමින් තාර්කික බුද්ධිය ඔස්සේ තාක්ෂණික ලෝකයේ සැරිසරමින් සිටී.මෙම පසුබිම තුළ දුවා දරුවන් වෙත තක්ෂණික දැනුම ලබා දීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇත.
බ/මැටිගහතැන්න මහ විදුහල අතීතයේ සිට ම දැයට වැඩදායී පුරවැසියන් කීර්තිමත් පාසලකි.තාක්ෂණික දැනුමින් සන්නද්ධ උගත් බුද්ධිමත් සිසු පරපුරක් නිර්මාණය සදහා පාසල් ගුරු මණ්ඩලය සෑම විටම කැපවෙමින් සිටිති. මෙම ක්‍රියාවලියේ ඉතා විශිෂ්ට සංධිස්තානයක් ලෙස පාසල පිළිබද තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් නිර්මාණය කර පළ දැක්වීම සදහන් කළ හැකිය.
මේ ඔස්සේ පාසල් ගුරු මණ්ඩලය,දූ දරුවන් ඇතුලු සියලූ ම ඇල්මැති පාර්ශවයන්ට දැනූම හා තොරතුරු නිකේතනයක් ලෙස බාවිත කළ හැකි අතර,මූලික වශයෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය මේ මගින් අපේක්ෂා කරයි.