අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

බ/ මැටිගහතැන්න මහා විද්‍යාලය ඌව පළාත් අධයාපන අමාතයංශය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා පස්සර අධ්‍යාපන කලාපයට අයත් පස්සර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි පාසලකි. මෙම විද්‍යාලය පස්සර නගරයේ සිට ඇකිරිය මාර්ගයේ කි.මී. 32ක් ගමන් කළ විට හමුවන මනස්කාන්ත වූ පරිසරයක පිහිටා ඇත. 1972. 10. 31 දින බ / මැටිගහතැන්න මහා විද්‍යාලය ආරම්භ කර ඇත. මුල් කාලයේ දී 01 පනතියේ සිට 06 වන පන්තිය දක්වා පැවැත් වූ අතර අද එය ද්විතියික පාසලක් ලෙස වැඩි දියුණු වී ඇත. දැනට පාසලේ ගුරු මණ්ඩලය 17කි. ශිෂ්‍ය සංඛ්‍යාව 120කි. 2013 ක්‍රියාත්මක වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ප්‍රතිව්‍යූහකරණයට අනුව ද්විතියික පාසලක් ලෙස වර්ග කර ඇත.







